කොවිඩ් මර්දනයට තවත් සෞඛ්යාරක්ෂිත උපකරණ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා ආසාදිත තත්වය මර්දනය කිරීම සදහා ස්විට්සර්ලන්ත රජය විසින් ස්විස් ෆ්රෑන්ක් 37,36,000ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින උදෑසන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ස්විට්සර්ලන්තයේ සුරීච් සිට පැමිණි edelweiss ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 2064 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින උදෑසන 07.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම සෞඛ්‍ය උපකරණ තොගය භාර ගැනීම සදහා ඖෂධ නිෂ්පාදන , සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක සහ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්.ඒ.ආර්.කරුණාරත්න යන මමහත්වරුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම සෞඛ්‍ය උපකරණ තොගය මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගැල් ගම්මානයේ ගබඩා කර ඇති අතර , වෛද්‍ය සැපයුම් අංශයේ ලොරි රථ මගින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

