කොවිඩ් මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතුයි
කොවිඩ්-19 පාලනයට හා මැඩපැවැත්වීමට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් පළ කරන ලද්දේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී කොවිඩ් -19 පාලනය හා මැඩපැවැත්වීමේ වැඩපිළිවෙලට පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ලබාදෙන සහයෝගයට සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ස්තූතිය පුද කරන ලද අතර, ඉදිරියටත් එම වැඩපිළිවෙල සදහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදි. පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ක්ෂේත්රයේ දී මුහුණපාන ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා ඇතුලු නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.
සෞඛ්‍ය ආයතනවල, ක්ෂේත්රවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සෞඛ්‍ය අංශවල වගකීමක් බවත්, සෘජුව ආසාදිත යැයි සැකරන පුද්ගලයින් සමග නිතරයෙන් කටයුතු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද PCR පරික්ෂණ සදහා යොමු කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

