කොවිඩ් නිසා ලාංකිකයන්ට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ.
ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.
අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. කොරොනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් 19 අසාදිතයන් වාර්තා වී නොමැති අවස්ථාවක කටාර් රාජ්‍යය මෙම තීරණය ගෙන තිබේ.
නමුත් මේ වන විට කොවිඩ් 19 ආසාතියන් වැඩි ලෙස වාර්තා වන ඉතාලිය, ජපානය, ප්රංශ්ය, ජර්මනිය හා ඇමෙරිකාව යන රටවල්වලට කටාර් රාජ්‍යය මෙම තහනම පනවා නොමැත.
popular news
-
සඳුන් Monday, 09 March 2020 08:50 AM
අපි කොහොමද එහෙම කියන්නෙ මෙහෙට චීනෙන් එන පුද්ගලයින්ව නිරෝධායනය කරන්නෙ නෑනෙ .... කොතැනත් දේශපාලනය විද්‍යාව පැත්තක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
