කොවිඩ් ආසාදිතයෙකු රෝහලින් පැන යයි
බේරුවල, පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිතයාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .ඩි. ට්. නයනජිත් පැවසීය.
මෙම ආසාදිත තරුණයා බේරුවල නගර සභා ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහත කළ කළ පි.සි.අර්.පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි ඇත.
මේ අතර මෙම ආසාදිතයා අද (18) පෙරවරුවේ ආසාදිතයා රෝහලෙන් පැන එතැන් සිට පාගමනින් ගාලු පාර පාර ඔස්සේ බේරුවල නිවසට පැමිණෙමින් සිටියදී බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බේරුවල පොලිසියේ සහයෝගයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර ආසාදිතයා උපක්රමශීලීව අල්ලාගෙන නැවත කළුතර නාගොඩ රෝහලේ එම ප්‍රතිකාර වාට්ටුවට යොමු කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

