මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාවේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 38,420ක් කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කර ඇති බවත් මේ වන විට භාවිතයෙන් පවතින්නේ ඇඳන් 9,481ක් පමණක් බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
දැඩි සත්කාර හා අධි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාවද මේ වන විට 94 දක්වා අඩු වි ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.