ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර ගෙන තිබේ.
මෙහි එක් පියවරක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද කොරෝනා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට ෆොන්ටෙරා සමාගම පියවර ගත්තේය.
පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ දේශීය කිරිගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස දිගින් දිගටම ඔවුන්ගෙන් කිරි මිලදී ගැනීමට ෆොන්ටෙරා සමාගම කටයුතු යොදා තිබේ.
මෙම ක්‍රියාවලිය තුළදී ගොවීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදීම වැනි පියවර රාශියක් ගෙන ඇත.
