කොවිඩ් අරමුදලට ගුවන්තොටුපලින් කෝටියක මුදලක්
ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් කෝටියක මුදලක් කොවිඩ් ආරමුදලට පරිත්‍යාග කිරීම අද (24) සිදුවිය.
ඊට අදාල චෙක්පත ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාර දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීයි.
මෙම මුදල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෝවිඩ් මර්දනය සදහා යෙදවීමට නියමිත අතර ඒ අනුව හම්බන්තොට පැරණි රෝහලේ ඉදිවෙන් පවතින පී.සී.ආර් රසායනාගාරයට අවශ්‍ය පී.සී.ආර් යන්ත්‍ර ඇතුළු උපකරණ මිලදී ගැනීම සදහා යෙදවීමට නියමිතය.
මෙම මුදල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපොල සංවර්ධන හා අපනයන කලාප සැකසුම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

