කොරෝනා ආසාදානය බවට සැකකර මාධ්‍යවේදියා ඇතුළු පිරිස නිරෝධායනයෙන් ඉවත් කරයි
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන්, කොටගල, දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු අද (04) තහවුරු කරණු ලැබූහ.
ඒ අනුව මාධ්‍යවේදියා හා ඔහු සමග නිරෝධායනයට ලක්කර තිබූ ත්‍රිරෝද රථ රියදුරු හා මාධ්‍යවේදියාගේ නිවසේ අරක්කැමියා නිරෝධායනයෙන් මුදා හැරීම කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සවුන්දර්රාගවන් මහතා සහ දිඹුල පතන පොලීසියේ නිලධාරියෙකු විසින් සිදුකරන ලදී.
සෙම්ප්‍රතිශ්‍යාව හා සෙම්ගෙඩි තත්ත්වයක් පැවතීම නිසා (02)දා එම මාධ්‍යවේදියා දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහල වෙත ගිය අතර එහිදි ඔහුගේ ජෛව පටල ලබා ගනිමින් පි.සී.ආර් පරික්ෂණය සදහා යොමු කිරිමට කටයුතු කරනු ලැබිය.
එම පරික්ෂණයේ වාර්තාව ඊයේ (03) දා පස්වරුවේ ලැබී තිබුණ අතර එම වාර්තාවට අනුව ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ සිරුරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි නොමැති බව දික්ඔය රෝහලේ වෛද්‍යවරු හා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ගාමිණී පෙරේරා මහතා විසින් තහවුරු කරන ලදී.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර

popular news
-
රුවන් චමින්ද Thursday, 04 June 2020 07:20 PM
බලමින් පවති...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

