කොමිසන් සභාවල බලතල වැඩි කළ යුතුයි - කැෆේ
මීළඟ ව්‍යවස්ථා සංශෝධනයකදී අධිකරණ, රාජ්‍ය, පොලිස් හා මැතිවරණ කොමිසන් සභාවල බලතල වැඩි කළ යුතු බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ කොමිසන් සභා තවදුරටත් විධිමත් කරමින් ඒවායෙහි බලය වැඩි කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
ඇතැම් කොමිසන් සභාවල කාර්යයන් පිළිබඳව විවිධ මති මතාන්තර සමාජය තුළ පවතින බවත් ඊට විසදුම වන්නේ එවා අහෝසි කිරීම නොව ඒවා විධිමත් කිරීම බවත් කැෆේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.
ස්වාධින කොමිසන් සභා මඟින් රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කෙරෙන බව පෙන්වා දුන් ඒ මහතා කියාසිටියේ එම කොමිසන් සභා ක්‍රියාකාරීත්වය පිළිබඳ පැන නැගී ඇති ඇතැම් තත්ත්වයන් නිරාකරණය කරගනිමින් ඒවා පවත්වා ගැනීම ප්රජාතන්ත්රවාදය අගයන රජයක යුතුකමක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
ගෝලීය වසංගතයක්ව පැවැති කොරෝනා වසංගතය හමුවේ මැතිවරණ කොමිසන් සභාවට ඉතා සාර්ථකව මැතිවරණය පැවැත්වීමට හැකිවූයේ මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වය කොමිසන් සභා මඟින් තහවුරු කර තිබූ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී රටක පුරවැසි අයිතිවාසිකම් තහවුරු කීරිම රජයේ වගකීමක් බව පවසන ඒ මහතා කියාසිටියේ කොමිසන් සභාවල බලය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදී රජයක යුතුකමක් බවයි.

popular news
-
කෝලිත Sunday, 30 August 2020 02:25 PM
බලතල වැඩිකල යුත්තේ කොමිසන් වලට නොව .රජයටය....ජනතාව පත්කලේ කොමිසන් නොව රජයය.. සියලු තීරන පාර්ලිමේන්තුව හරහා තරක් විතර්ක මධ්‍යයේ සභා ගතවී...වගකීම රජය දරාගත යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

