කෝප් කමිටු වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වනදා පැවැත්වෙනවා.
පසුගිය ජූලි 20 , ඔක්තෝබර් 6 සහ 7 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාවලට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වනදා පෙරවරු 10 සිට පසුවරු 5.30 දක්වා පැවැත්වෙනවා.
මේ අතර ලබන 10 වනදා කුරුණෑගල මහ නගර සභාව සහ 16 වනදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගිණුම් කාරක සභාවට කැඳවා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සිදුකරන සැපයුම් ක්‍රියාවලිය පිළිබද විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව ලබන 17 වනදා කෝප් කමිටුවේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.
ලබන 19 වනදා පරිසර අමාත්‍යංශය කමිටුව හමුවට කැඳවා ඇති අතර ගල්ඔය වැවිලි සමාගම නොවැම්බර් 24 වනදා එම කමිටුව හමුවට කැඳවා තිබෙනවා. කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක සභාව ලබන 9 වනදා පෙරවරු 11 ට රැස්වීමට නියමිතයි. සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පත එහිදී සළකා බැලීමට නියමිතයි.