මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි පිරිසක් ඊයේ (21) රාත්රියේ අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
ඔඩ්ඩුසුඩාන් පේරාරු මංසන්ධිය ප්රදේශයේදී මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාත්රියේ මුර සේවයේ යෙදී සිටයදී පැමිණි ත්රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී එය නොනවත්වා ධාවනය කොට ඇති අතර පසුව පොලිස් නිලධාරීන් ලුහුබැඳ රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවෙක් පලා ගොස් ඇති අතර රියදුරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ත්රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී කොටි සංවිධානය විසින් භාවිත කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බොම්බයක්, අත්බොම්බ තොගයක් ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිත කරන ලද මෙම යුද උපකරණ නැවත රැගෙන යෑම පිළිබඳව ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් දියත් කොට තිබේ.