හැටන් කොටගල ක්රිස්වස්ෆාම් ප්රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
හැටන් කොටගල ක්රිස්වස්ෆාම් ප්රදේශයේ පදිංචිකරුවන් ආදායම් මාර්ගයක් වශයෙන් ඇති කරන කුකුලන් සහ සුරතලේට ඇති කරන සුනඛයින් රාත්රි කාලයේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් එම වතුයායේ පදිංචිකරුවන් ඒ පිළිබඳව සොයා බැලීමට ඇතැම් නිවාස වල ආරක්ෂිත කැමරා සවි කර තිබුණි.
එසේ සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණේ රාත්රි කාලයේ තම නිවාස අසළට පැමිණි හොදින් වැඩුණු කදුකර කොටියෙකු තම නිවාස අසළටම පැමිණ සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුරු කරගෙන යන අයුරුයි.
පවත්නා තත්ත්වය මත රාත්රි කාලයේ කිසිදු අවශ්යතාවයකට නිවසින් පිටතට ඒමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් , කදුකර කොටියන් තම නිවාස අසල සැරිසරන නිසා තම ජිවිත වලටද දැඩි අවධානමක් පවතින බවයි.
හැටන් කොටගල ක්රිස්වස්ෆාම් වතුයායේ කොටි තර්ජන අවධානමට ලක් වි ඇති ප්රදේශවාසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් තම ගැටළුව ඉදිරිපත් කරනු ලැබීය.
