නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය , ඩිංගි යාත්රාව සහ එහි සිටි පුද්ගලයින් දෙදනා (02) ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවාලෙයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
