ගුණසිංහපුර ප්රදේශයේදී ඩුබායි රාජ්යෙයේ සැඟව සිටින කෙසෙල්වත්ත දිනුක නමැති පාතාල නායකයාගේ ප්රධාන ගොලයෙකු ඊයේ (9දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අදාළ සැකකරු ගුණසිංහපුර ප්රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුට පුද්ගල ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඩුබායිහි රැඳී සිටින කෙසෙල්වත්ත දිනුක නමැති පාතාල නායකයාගේ මෙරට සියලු ජාවාරම් ක්රියාත්මක වන්නේද මෙම සැකකරු හරහා බව අනාවරණය කරගෙන තිබේ.
