කෘෂි - වාරි සංවර්ධනයට පියවර
සුළු වාරි මාර්ගයන්ගෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර, ඒවායෙහි ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල්හි සහායද සහිතව ක්‍රියාත්මක කිරීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සුළු වාරිමාර්ග මගින් වගා කෙරෙන මෙම කුඹුරු ඉඩම් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඉතා පහසුවෙන් ලක්විය හැකි බැවින්, වියළි කලාපීය දිස්ත්‍රික් 11ක් පුරා විසිරී පවතින සම්පූර්ණ එල්ලංගා පද්ධති 53 ක් යටතේ ඇති කුඩා වැව් 789 ක් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම වැව් මගින් වගා කෙරෙන වගා බිම්වල ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140 ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල් සහායද සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
