කෘෂිකර්ම නිලධාරීන් දුර රාජකාරී සඳහා යොදවලා
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම මස 05 දා 06 දා දිනවලදී වැඩමුළු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට යන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසියේ දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම මස 05 වැනිදා කොළඹ පැවැත්වෙන ජනබලය උද්ඝෝෂණයට සහභාගිවීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම පියවර ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් හා නිලධාරීන් උද්ඝෝෂණයට සහභාගිවීම වැළැක්වීම සඳහා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් 05,06 දිනවලදී සිදුකිරීම සඳහා විවිධ වගකීම් පවරා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සතිය පුරා තාවකාලික මාර්ග බලපත්‍ර නිකුත් නොකරන ලෙසට මහඇමතිවරුන් විසින් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධීකාරින් සඳහා ලිඛිතව දැනුම්දීම් කර තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
Ruwan Monday, 03 September 2018 03:32 PM
ඔබලා මේ සුදානම් වන්නේ එන පිරිස අඩුබව දැනගෙන එයට දැන් සිටම උත්තර දීමටයි. මේ රටේ සිටින්නේ බත්බැලයන් නොවන වගේ 2015 ජනවාරි 08 වනදා අප විසින් ලෝකය ඉදිරියේ ප්‍රකාශ කළා. නැවත බත්බැලයන් මේ රටේ නොසිටින වග තේරුම් ගත ඔබලා මේ ගිනියන්නේ ඔබලාගේ අහිංසක දුර්වල සහබාගිත්වය වසා ගැනීමට කරන දියාරු ප්රකෂනයන්ය.
Reply : 222 113
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
