කටුනායක ගුවන් තොටුපොළින් අද පෙ.ව. 6.00ට කුටේට් බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් 37ක් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.
එම ගුවන් යානයේ මෙම මගීන් 37 දෙනා ගමන් කිරීමට නියමිතව තිබුණත් ඔවුන්ව එම ගුවන් ගමන සඳහා එක්කරගෙන නොමැත.
එම ගුවන් සේවයට අයත් තවත් ගුවන් ගමන් දෙකක් පෙ.ව. 11.00ට හා පෙ.ව. 3.00ට කටුනායකින් පිටත්ව ගියත් එම ගුවන් යානයන් සඳහාද ඔවුන් එක්කරගෙන නොමැත.
මෙම මගීන් කටුනායක ගුවන්තොටුපොළේ රැඳී සිටින අතර උදෑසනදී ඔවුන්ට ආහාර වශයෙන් ගුවන් සේවයෙන් ලබාදී ඇත්තේ සැන්ඩ්විච් එකක් හා වතුර බෝතලයක් පමණි.
සාමාන්‍ය සම්ප්රදාය අනුව ගුවන් යානයක් වෙනකරගත් මගීන්ට එම ගුවන් ගමන අත්හැරෙනවානම් ඔවුන්ට හෝටලයක නවාතැන් පහසුකම් ලබාදිය යුතු වෙයි.
