කුවේටයේ කරදර විඳි 26ක් දිවයිනට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොවුන් තම සේවා කටයුතු වල නියැලී සිටියදී, එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, ඉන්පසු එහි " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකි.
මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබූ අත , ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබුණි.
මෙම පිරිස අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 01 ත් අවුරුදු 02 ත් අතර ගෘහ සේවයේ නියැලී සිටි අය වන අතර, ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාලයක් හිමි තැනැත්තියන් වේ.
මොවුන් අතුරින් 05 දෙනෙකු මෙසේ ඔවුන්ට අත්විදීමට සිදු වී තිබූ හිරිහැර , කරදර නිසාම රෝගාතුර වී සිටි අය වූහ.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
