කුලියාපිටිය බෝහිංගමුව ප්රදේශයේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම සිද්ධියෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවකද ඇතුළත්ව සිටියි.
පෞද්ගලික ආරවුලක් මත බෝම්බ ප්රහාරය එල්ල කර ඇති අතර සැකකරු හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.
මේ වන විට සැකකරු ප්රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු සොයා කුලියාපිටිය පොලීසිය විමර්ශන සිදුකරයි.
