කුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි ළිඳකින් ජීව අත් බෝම්බයත් සමග කඩු තුනක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි .
කුරුණෑගල මහ නගර සභාවට අයත් පොදු ඉඩමක පිහිටි ළිඳක ජලය ඉස ශුද්ධ පවිත්ර කිරීමට ගිය අවස්ථාවෙිදි එතුළ තිබී අද (12) මෙම ආයුධ හමුවී තිබේ .
කඩු තුනම දිරා ගොස් තිබෙන අතර මේවා පසුගිය පාස්කු ප්රහාරය සිදුවූ සමයේදී කිසිවෙකු විසින් මෙම ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පදිංචි නිවසද පිහිටා තිබෙන්නේ මෙම ආයුධ හමුවූ ළිඳ ආසන්නයේමය .