විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට දුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය සිය කැමැත්ත පළකර තිබේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා මේ බව සඳහන් කර තිබේ.
දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට මේ වනවිට ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්රය යොමුවෙමින් පවතී.

ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් රටේ විදුලිබල ගැටළුවට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවටද සතුටුදායක විසදුම් ලබාගත හැකි බව රවි කරුණානායක මහතා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට පැවසීය.