කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලකයන් රැකවරණය දෙන්නේ නෑ
මහාපරිමාණ කුඩු ජාවාරම්කාරයන්ට දේශපාලකයොන්ගේ රැකවරණය නොලැබෙන බවත් එසේ රැකවරණය දෙන දේශපාලඥයින් සිටින්නේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
15 වැනිදා සවස අඟුණුකොළපැලැස්ස නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඉස්සර සුළුවෙන් කුඩු ජාවාරම් කරපු අය තමයි පොලීසියෙන් ඇල්ලුවේ. නමුත් අද මහාපරිමාණ කුඩු ජාවාරම්කාරයො අල්ලනවා. ඒ අයට දේශපාලකයොන්ගේ රැකවරණය දෙන්නෙ නෑ. එහෙම රැකවරණය දුන්නොත් දේශපාලඥයොත් එක්ක අත්අඩංගුවට ගන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් දී තිබෙනවා" යැයි පවසා සිටියේය.
රාහුල් සමන්ත

popular news
-
කෝලිත Tuesday, 17 July 2018 06:27 PM
එහෙමනමි අවු.3 ක් තිස්සේ අල්ලපුු ඇල්ලිල්ලට කුඩු කුඩුවෙලා තියෙනවද..?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

