කිළිනොච්චිය ප්රදේශයේ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියා අමානුෂික ලෙස මාරා දැමූ පිරිසෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23දා) රාත්රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩරාසා මෝහන් රාසා හෙවත් මෝගන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු සහ නඩරාජා සුකුමාල් නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
අනෙකුත් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කරන බව කිළිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසයි.
