කිළිනොච්චියේ ඇළේ වතුර හිස්කර කොටි ආයුධ ගනියි
කිළිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව ඊයේ (05) කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.
පසුගියදා කන්නගිනගර් ප්‍රදේශයේ වැසියෙකු කැලයට ගවයන් රැගෙන ගිය අවස්ථාවේදී ගවයින් විසින් මෙම අක්කරායන් ඇළෙන් වතුර බොමින් සිටියදී මෝටාර් බෝම්බයක කොටසක් ජලයෙන් උඩට මතු වී තිබෙනු දැක ඔහු මේ පිළිබදව අක්කරායන් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මෙලෙස ගොඩ ගැනීමට පියවර ගෙන තිබුණි.
මෙම යුද උපකරණ අතර එල්.එම්.ජී. වර්ගයේ බරඅවි තුවක්කු සඳහා යොදා ගන්නා එම්.පී.එම්.ජී උණ්ඩ 3840ක් එම්.පී.එම්.ජී වර්ගයේ උණ්ඩ 200ක් සමග ලින්ක් කරන ලද වෑල් 02 සහ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක් තිබී ගොඩ ගැනීමට පොලීස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
බොහෝ කාලයක් මඩ සහිත ජලයෙන් යට වී තිබීම නිසා පතුරම් පෙට්ටි දිරාපත් වී ගොස් ඇති අතර උණ්ඩද මල බැඳී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගොඩ ගත් කොටි යුද උපකරණ තොගය කිලිනොච්චි මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් විනාශ කිරීමට පයවර ගෙන ඇත.


popular news
-
Champa Wednesday, 06 March 2019 04:10 PM
හ්ම්ම්ම්ම්ම් තව කොච්චර තියෙනව ද දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
