කිලිනොච්චියෙන් යුද හමුදා නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවෙයි
කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහිපයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය කියා සිටියි.
යුද හමුදාව විසින් ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් නිවසක තිබී හමු වී ඇති අතර අදාළ නිවස වැඩිදුර පරික්ෂා කිරීමේදී ජංගම දුරකතන 7ක්ද තිබී හමු වී ඇත.
අදාළ නිල ඇඳුම් තොගය හා ජංගම දුරකතන තොගය යුද හමුදා නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසිය වෙතට භාර දී ඇති අතර අදාළ නිල ඇඳුම් හා ජංගම දුරකතන තොගය අද (29) දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියි.

popular news
-
Champa Monday, 29 April 2019 06:09 PM
මේවා ඇඳලා අපරාධ කරලා ඊට පස්සේ පින්තූර අරන් ලෝකෙට කියනවා හමුදාව කළා කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

