කිරි ගවයින් ආනයනික ගිවිසුම නැවැත්විමට ඇ.ඩොලර් 810ක් ගෙවිය යුතුයි - හැරිසන්
ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේ ගිවිසුම නවතා දැමීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදුවන බව කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික පශුසම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසසේර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (18දා) පාර්ලිමේන්තුවෙදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන මෙම කිරිගවයින්ගෙන් ප්‍රමාණවත් පරිදි කිරි ලබාගැනීමට නොහැකි බවත් මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවටත් දයාසරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් 20,000 ක් ආනයනය කිරීමේ ගිවිසුම 2014 දී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් අත්සන් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට ප්‍රථම නියමු ව්‍යාපෘතියක් හෝ සිදුකර නොමැති බවද හැරිසන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
2015 වසරේදී කිරි ගවයින් 2,480 ක් ආනයනය කිරිම සඳහා රුපියල් මිලියන 992 ක මුදලක්ද 2017 වසරේදී කිරි ගවයින් 5,000 ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 2,317 ක මුදල්ද වැයවි ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

popular news
-
ජනක Monday, 18 March 2019 09:32 PM
මාතලේ ලක්ෂමන් වසන්ත පෙරේරා මන්ත්‍රීට දුන්නේ පී හැරිසන් ඇමති නේ.ගොවීන් ට දෙන්න ගෙනා හරක් මාතලේ ඉන්න .......දුන්නා ඒ ගැනත් කියන්න
Reply : 0 0
Wimal Monday, 18 March 2019 09:36 PM
චොන්ෆිස්චැටේ අල්ල්ථෙප්රොපෙර්තිඑස් ඔෆ් Basil
Reply : 0 0
Champa Tuesday, 19 March 2019 01:12 AM
කරන්න දෙයක් නැහැ. ඒක ගෙවල හරි නවත්තන්න ඕනේ. ඕක මහා ව්‍යාධියක්. දැන් මේ අවුරුදු 4 ට ආණ්ඩුව කොච්චර සල්ලි නාස්ති කරලා තියෙනවද? ඒ හින්ද ඔය ගාන ගෙවල ඔය වැඩේ නවත්තල අපේ කිරි දෙනුන් හදා ගන්න බලන්න ඕනේ. කිරි දෙනුන්ගෙන් ගන්න කිරි ප්‍රමානේ වැඩි කර ගන්න ක්‍රම තියෙනව.
Reply : 0 0
Kumar Tuesday, 19 March 2019 04:50 AM
මේ වගේ ගිවිසුම්වලට අත්සන් කරන්න ඇත්තේ හරකෙකේ කියලමයි මම සිතුවේ. ඔය වගේ ගිවිසුම් රාජ්‍ය සබහව අනුමත කරන්න ඔනෙ නැද්ද. බැසිල්ගේ දුව විවාහවී ඉන්නේ ඒ රටේ ජතියෙකුටනේද. ඒ නිසා වෙන්න ඇති ඒ පත්තට් අදින්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

