කිරිවෙහෙර නාහිමිගේ රෝහල් ගාස්තු රජය ගෙවා නෑ
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොඹවක දම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු මෙතෙක් ගෙවීමට රජය කටයුතු කර නොමැති බව වාර්තා වේ.
කතරගම කිරිවෙහෙර දී විහාරාධිපති හිමියන් ඇතුළු තවත් හිමි නමකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ නාහිමියෝ හම්බන්තොට සිට කොළඹ වෙත ගුවන් මගින් රැගෙන ආ අතර ඉන්පසුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළහ.
සිද්ධිය සිදු වූ පසු දින රජය මාධ්‍ය මගින් නිවේදනය කරනු ලැබූවේ කිරිවෙහෙර නාහිමියන්ගේ ගුවන් ගමන් වියදම් සහ රෝහල් වියදම රජය විසින් දරන බවයි.
මේ වන විට නාහිමියන්ගේ රෝහල් ගාස්තුව රු. මිලියන 03 ඉක්මවා තිබේ.
කෙසේ වෙතත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ රෝහල් ගාස්තු ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.

popular news
-
Champa Monday, 09 July 2018 03:42 PM
රෝහල් ගාස්තු ගෙවන්න කියල කියන්න ඕනේ රාජිතට. වෙඩි වැදුණු රෝගියෙකුට බෙහෙත් කරන්න තරම්වත් රජයේ රෝහලක් දියුණු නැත්නම් මෙච්චර අවුරුදු 3 ට කරපු දේ මොකක්ද? මහලොකුවට කිව්වා ලංකාවේ සෞඛ්‍ය සේවය දීයුණු රටකට සමානයි කියලා WHO එක කිව්වා කියලා. කෝටි ගණන් වියදම් කරකර ලොකු delegation අරගෙන ලෝකේ වටේ ගිය. ඒ සල්ලි වලින් රෝහල් වලට අවශ්‍ය පහසුකම් දෙන්න තිබුන. ඈත පළාතක ළමයෙක් ඉස්කෝලේදී කලන්තේ හැදිලා ළඟ ඉස්පිරිතාලෙට ගෙනිච්චහම එතන ඔක්සිජන් නැහැ කියල ලොකු ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. එතන ambulance එක කැඩිලා. ගුරුවරු Trishaw එකකින් හිමින් හිමින් අරන් යනකොට දරුවා මගදී මැරුණා. ඒ මදිවට තවත් කෝටි ගනං ණය ගන්නවා ඉස්පිරිතාල හදන්න. පහුගිය දවස්වල influenza හැදුනහම කිව්වා කැමති කෙනෙක්ට ඕනේ නම් පෞද්ගලික රෝහලකට යන්න පුළුවන් ගාස්තුව රජයෙන් ගෙවනවා කියලා. ඊලඟට බෙහෙත් වැඩෙත් තනිකරම මාෆියා එකක්. දැන් ලේ බැංකුවත් මාෆියා එකකට අහු වෙලා. හැම තැනම තියෙන්නේ ගැරිල්ල. රාජිත කරන්නේ තනිකරම business එකක්. ඕන මෝඩයෙක්ට තේරෙනව එක මෝඩයෙක්ට හැර. රාජිත මේ වෙනකොට ලෝක සවාරි සහ බොරු වැඩ වලට කරපු වියදම් වලින් රජයේ රෝහල් වලට පහසුකම් දෙන්න තිබුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

