කිරිඇල්ල ඇමතිතුමා වහාම ඉවත් කළ යුතුයි - ගම්මන්පිල
ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ව්‍යාජ ලේඛණයන් තම අමාත්‍යාංශය මගින් සැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා වහා ඉවත් කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද (6) පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“රට ර්අබූදයකට ගොදුරු වුණු වෙලාවේ අපි ඒකෙන් දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන බවට ආණ්ඩුව චෝදනා කළත් අපි ඉතාම වගකීම් සහගතව හැසිරුණා.
සර්ව පාක්ෂික සමුළුවේදී අර්බුදයෙන් ගොඩ එන්න ගත යුතු පියවර යෝජනා කළා. හිටපු ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කරලා ආරක්ෂාව තර කිරීමට යෝජනා මාලාවක් සකස් කරලා ජනාධිපතිට භාර දුන්නා.
ඒ අතරේ ආණ්ඩුවේ ලොක්කන් මොකද කරන්නේ? කිරිඇල්ල ඇමතිතුමා තමන්ගේ අමාත්‍යාංශයේ සම්පත් යොදාගෙන ජාතිවාදය අවුස්සලා ජනපතිට මඩ ගහලා පවතින තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න කටයුතු කළා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමන් හරි නම් මේ වෙලාවේ ඉන්න ඕනෑ අත්අඩංගුවේ.
අත්අඩංගුවේ ඉන්නවා තබා එතුමා අමාත්‍යධූරයෙන් අස්වෙලත් නෑ. අස් කරන්න කටයුතු කරලත් නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කියන්නේ ආණ්ඩුවේ සභානායක. ආණ්ඩුවේ දෙවැනියා. ආණ්ඩුවේ ලොක්කෝ පොඩ්ඩන්ට දෙන ආදර්ශය මේකද? ඒ නිසා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා වහාම ඉවත් කර අන් අයට ආදර්ශයක් ලබා දීමට ජනාධිපති සහ අගමැති දෙපළ කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Lion Monday, 06 May 2019 03:59 PM
අපි මේ රටේ මිනිස්සු අපිට කියවන්න ලියන්න පුළුවන් යමක් තේරුම්ගන්න පුළුවන් .අපි ඔය Linuma keyewwa එකේ ඇති කුණුහරපයක් නැ.දොස්ටර කෙනෙක් ලඟට යන්න මොලේ බලාගන්න .
Reply : 0 1
ase Monday, 06 May 2019 04:32 PM
බොරුවට බෙරිහන් දෙන්න එපා ඔය Colombo telegraph පුවත් පතේ තිබුන ලිපියක පරිවර්තනයක්, පළමුව වේ විනාසයට මුල්ම වරදකරු හිර කරන්න , ලැබුන පුවත් නොසලකා රට පැන්න කෙනා .
Reply : 0 1
ධර්මසේන Monday, 06 May 2019 05:18 PM
මන්ත්‍රීතුමා කිරිඇල්ල ඇමතිතුමා බෙදාහැරීමට යැව්ව ලිපියේ පිටපතක් ප්රශිද්ධකරල ජනතාවගේ අදහස් විමසන්න.එම ලිපියේ තිබූදේ ඔබ කියන්නෙත් නැහැ කිරිඇල්ල ඇමති කියන්නෙත් නැහැ.හිතාඉන්නෙ ජනතාව කොණ්ඩෙ බැඳපු චීන්නුකියලද
Reply : 0 0
chathuri Monday, 06 May 2019 09:23 PM
කිරිඇල්ලව අරින්න කලින්. නාමල් බෙබිව. තහනම් කරලා. ඉන්න. ප්‍රසිද්දියේ අපහස කෙරුවේ. ජනපතිට පොඩි. ළමයින්ව. යොදාගෙන ,ඒවාට. කිසිම. කතාවක්. නැහැ රටේ. ජනාදිපති. වුනත්. වැරදි දෙයක්. කරනවානම් පුජ්‍ය පක්ෂයට දැනුම්. දෙන එක. වරදක් නොවේ , රටට. වුන විනාසය නිසානේ. මෙවැනි. දේවල්. කරන්නේ. අම්මා අප්පාගේ. බුදලයක්. නෙමේ තමන්ට. ඕන. විදියට. වැඩ කරන්න. මේ. ලිපිවල කිසිම වරදක් නැහැ ඔබත්. කුට ලිපි ලේකන හදල. විදේශිකයකුට මුදල්. වංචාවක්. කෙරුව එකට. මොකද වුනේ. රටේ. නම කන්න එපා. මුන්ට මිනිසුන්වත්. හුරම් කනවා. මදිවට. විදෙශිකයින්වත් හුරම් කනවා ඒකනේ දරුවෝ. දුක් විදින්නේ උඩ බැලි අතට. ඉඳගෙන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

