කැළණි සරසවි ඉතිහාසයේ වෙනසක්
විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරිය ලෙස පත් වූ අතර 2020 අගෝස්තු මස 28 වැනි දින උපකුලපති කාර්යාලයේදී ඇය සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.
මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද ලේඛකාධිකාරීතුමා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සහභාගී වූහ.
කැලණිය විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරියක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
1991 කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට කථිකාචාර්යවරියට වශයෙන් සම්බන්ධ වන නිලන්ති මහත්මිය 1993දී කැලණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරියක වශයෙන් සේවයට බැඳුණාය.
කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරිය ලෙස 2012 සිට 2018 දක්වා කටයුතු කර ඇති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 2018 දෙසැම්බර් සිට මේ දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර ඇත

popular news
-
Demuni Uduwara Friday, 28 August 2020 07:03 PM
Please accept our salutation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

