කැළණි ගඟ දූෂණය වීම වැළැක්වීමට යාන්ත්‍රණයක්
කැලණි ගඟ දූෂණය වීම වැලැක්වීමේ සඳහා පරිසර අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉක්මනින් කටයුතු කළ යුතු බව කොප් කමිටුව අද ( 26දා ) තීරණය කළේය.
විශේෂයෙන් පානීය ජල ප්රශ්නය, සංචාරක ව්‍යාපාරය, නාගරික සංවර්ධනය ආදී රටටම බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැලණි ගඟ සෘජුවම සම්බන්ධ වන බැවින් කැලණි ගඟ දූෂණය වීම වැලැක්වීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් තැනක පවතින බව කොප් කමිටුවේදී අනාවරණය විය.
කැලණි ගගේ ජල දූෂණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ආශ්‍රිතව කරුණු සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව අද ( 26 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කමිටුව මෙසේ මෙම නිර්දේශය නිකුත් කළේය.
අද කෝප් සභාව රැස්වීස්වීම සඳහා පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය යොදාගැනීමද සුවිශේෂත්වයක් විය. මේ අනුව පාර්ලිමේන්තුවට පැමිණි නිලධාරීන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ප්‍රථම වතාවට ඔන්ලයින් තාක්ෂණය හරහා ( Zoom ) මෙසේ සම්බන්ධ කරගැනුණි.
එසේම කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත 2946 ක් පවතින බවත් මේ අතුරින් කර්මාන්ත 41 ක් පාරිසරික බලපත්‍ර රහිත බවත්, කර්මාන්ත 205ක පාරිසරික බලපත්‍ර නවතා ඇති බවත්, මේ අතුරින් ඉහළ අවදානමක් සහිත කර්මාන්ත 17ක් පවතින බවත් කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මේ නිසා ඉක්මනින් මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කෝප් කමිටුව විසින් අවධාරණය කරන ලදි.
සීතාවක අපනයන සැලසුම් කලාපයේ අපජලය පිරිපහදු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කොප් කමිටුවේ අවදානය යොමු වූ අතර ධාරිතාවය ඉක්මවමින් පිරිපහදුව සිදුවන බව අනාවරණය විය. නමුත් මෙහි ධාරිතාවය වැඩි කිරීමට මේ වන විටත් සැලසුම් කොට ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනහු පැවසූහ. මේ පිළිබඳ වගකීමක් සහිතව කටයුතු කරන ලෙස කොප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.
කැලණි ගඟ දෙපස ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැදගත්කම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය. විශේෂයෙන් මෙම අනවසර ඉදිකිරීම් නිසා මළ අපද්‍රව්‍ය ගංගාවට බැහැර වන බවත් ජලය දූෂණය වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේය. මෙම ඉදිකිරීම් එක් වරම ඉවත් කිරීම තරමක් අපහසු කාරයයක් නිසා හැකි ඉක්මනින් මේ සඳහා පිළියම් යෙදීමේ අවශ්‍යතාවය කොප් කමිටුව විසින් පෙන්වා දෙන ලදි.
එසේම කැලණි ගඟ ආශ්‍රිතව පවත්වාගෙන යන හොටල් සහ ආපනශාලා කිහිපයකම අනවසර ඉදිකිරීම් පවතින බවත් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නොමැති බවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. විශේෂයෙන් කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟ ආශිතව පරිසර ආරක්ෂණ බලපත්‍ර රහිතව වසර 18 ක් තිස්සේ ආපනශාලාවක් ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කළේය.
සීතාවක කලාපයේ ගණ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ද මෙම ප්‍රදේශයේ භූ ගත ජලය පිළිබඳ සොයා බැලීමේ අවශ්‍යතාවයද කොප් කමිටුවේ අවධානය යොමු විය. විශේෂයෙන් මෙම ප්‍රදේශයේ භූගත ජලය පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.
තවද බියගම අපනය සැලසුම් කලාපය ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නිසා කැලණි ගඟ දූෂණය වීම පිළිබඳව ද කිතුල්ගල ප්‍රදේශයේ පවත්වාගෙන යන වාහන සේවා ස්ථාන 7ක ජලය පිරිපහදු කිරීමකින් තොරව ගඟට නිකුත් වීම පිළිබඳව ද කොහිලවත්ත සුසාන භූමියේ බැම්ම ගඟ දෙසට කඩාවැටීම පිළිබඳව ද අද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.
popular news
-
Kumar Thursday, 26 November 2020 10:58 PM
This is only talk. Nothing will be implemented. Why only Kaleni ganga. Go to Pilimatalawa along the Kandy road. All small business buildings the highway are built on stilts almost to the middle of stream. Only big talk? In the US we call it blowing hot air.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

