කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ශරීරගතවූ රෝගියෙකු හදුනාගෙන සිටින නිසා ජනතාව පුද්ලිකව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙම රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන බවත්, කැස්සකදී සිප ගැනීමකදී මෙම රෝගය පැතිර යන බවත් වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවලට යාම අවම කිරීම වැදගත් බවද පවසා සිටියේය.
මේ වනවිට පවතින්නේ ජාතික ගැටළුවක් බවත් එම තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවද මේ නිසා රෝගය පැතිර යන රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායන කටයුතුවලට යොමුකරන බවද පවසා සිටියේය.
ඉතාලිය පත්වූ ආකාරයේ තත්ත්වයකට ලංකාව පත්වූවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට රෝගය පැතිරයාම පාලනය කිරීම ඉතාමත් අමාරු කටයුත්තක් බවද සඳහන් කලේය.
මේ නිසා විදේශරටවලට කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසද පවසා සිටියේය. වයස්ගත පිරිස් මෙම රෝගය පැතිරයාම පිළිබඳව අවාධානය යොමුකළ යුතු බවත් ඔහු පැවසීය.
