නාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්රදේශයේදී ක්රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, මඩිත්තවේලි ප්රදේශයේදී ක්රියාත්මක කල මාර්ග බාධකයකදී මෙම කැස්බෑ මස් කිලෝග්රෑම් 15 සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන පුන්කුඩුතීව් පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙලනී ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.
