කැබිනට් ආරක්ෂක කමිටුවක්
ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
රටේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන්පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර සමීප අවබෝධය ඇති කිරීම සඳහා මෙම කමිටුව පිහිටුවීමට සැලසුම් කර ඇත.
යෝජිත කැබිනට් ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙසජනාධිපතිවරයා නම් කර ඇති අතර,අගමැතිවරයා, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරුන් ප්රමුඛ ජාතිකබුද්ධි කාර්යාංශ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විත වේ.
ඊටඅමතරවලබනවසරේසිට එයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද සහභාගි කරවා ගැනීමට යෝජනා කර ඇති අතර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ඇතිවන ඇතැම් ගැටලුවලදී ඊට පියවර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා, මුදල්අ මාත්‍යවරයා හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාද කැබිනට් ආරක්ෂක කමිටුව හමුවට කැඳවීමට යෝජිතය.
අශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක මණ්ඩලය 1971 සිට ආරම්භ කර අවුරුදු 48ක කාලයක් පැරණි ආරක්ෂක යාන්ත්‍රණයක් බැවින් ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක නව ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අරමුණින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇතිබව ආණ්ඩුවේ නියෝජිතයෙක් සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයක සිටින එංගලන්තය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි කැබිනට් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වේ.

popular news
-
Champa Friday, 26 April 2019 07:53 AM
විහිළු. ලෝකයේ බලගතුම ත්‍රස්තවාදී සංවිධානය කියල ඇමරිකාවම කියපු LTTE එක පැරද්දුවේ ඕව තිබුලද? මේ නිකම් මොළ හෝදපු මින්ස්සු කීපදෙනෙක් කරපු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වලක්වන්න බැරි වුන සති ගණක ඉඳන් ඔත්තු පිට ඔත්තු ලැබිලත්. දැන් යනවා ආරක්ෂක කමිටු පිහිටුවන්න. අනික කවුද ඇත්තට ඔය ලබල අවුරුද්දේ ඕ කමිටුවට එකතු කර ගන්නවා කියන රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා? ලබන අවුරුද්දේ?
Reply : 0 0
ranjith Friday, 26 April 2019 10:15 AM
කරුණාකර මේ අහිමිඋන මිනිස් ජෙවිත ගෙන හිතන්න සුළු ජාතික හෝ මහා ජාතියක හෝ මෙති එමති වරු උනත් මේවට සම්බන්දනම් අතදන්දුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න මර්ද්යා මගින් ම කරුරු ගොඩක් දෙනැටමත් හෙළි කරල තියෙනවා චන්ද කීදර කමට හිටියොත් වෙදිකල් නොගොස් අ නායකයෝ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා එතිහසයට එක්වෙනවා රට පාවාදුන් නායකයෝ ලෙස
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

