කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල අධික වර්ෂාවක් පතිත වු බවත්, ඒ අනුව කාසල්රි ජලාශය පිටාර මට්ටම අඩි 155 ක් වන අතර එය මේ වන විට අඩි 153 (98.7%)දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.
මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටම අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල ධාරිතාව (07) දින අලුයම වන විට අඩි 115 (96.12%) දක්වා ඉහල ගොස් ඇති බවද එම ඉංජිනේරුවරයා පැවසිය.
ජලාශ දෙකේම ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසිය.
popular news
- 
                            
H.a.Nigel perera Tuesday, 08 June 2021 04:33 AM
Good news
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                