ඉදිරි පැය 24 තුළදී දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ඊට අමතරව උතුරු පළාත, මාතලේ , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්, ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
අද (08) පස්වරු 7.00 ට නිකුත් කළ තද වැසි පිළිබඳ මෙම අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (09) සවස 7.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
