කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි
ජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අගමැති පෙන්වා දුන්නේය.
සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැති මේ බව අවධාරණය කළේය.
සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු යැයි අගමැති පැවසීය.
ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අගමැති, ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව සිහිපත් කළේය.
ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතනවල පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අගමැති පැවසීය.
popular news
-
Kumar Friday, 11 June 2021 10:04 PM
Ada neda Namal agamathi wenawa kiwwe. Dawasa awasan wennath langane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

