කාබනික පොහොර මදි නම් ගෙන්වන්න
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මෙම උත්සහායේදී ගොවියාට අපහසුතාවයක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුය. නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබිණ.
කන්න කිහිපයක් ඇතුළත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බව පොහොර නිෂ්පාදකයෝ පවසති.
රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැයකරයි. එම මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය කෙරිණ. ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොළියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටී.
කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ. දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගැනීමටත්, වී ඇතුලු වෙනත් භෝග වලට අනුව පොහොර බෙදාදීමට අවශ්‍ය යාන්ත්‍රණයත් සකසා අවසන් බව විෂයභාර අමාත්‍යවරු පෙන්වා දුන්හ.
මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදිය යුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

popular news
-
Samson de silva Thursday, 27 May 2021 01:16 PM
Rasaayanika pohora aanayana thahanam karapu gazette ekath reverse wageyi. Dan kaabanika pohora muwaawen rasaayanika pohora genwayi. Bangladesh walin hingamanak labunaa nowa!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

