කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයක් සකසයි
මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පොහොර සමාගම්හි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමාගම් 30ක් පමණ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇතත්, ඇතැමුන් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ මෙතෙක් විමර්ශන සිදුනොකිරීම පිළිබඳ අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරිමද සිදු විය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනයේදී සංඝටකයක් ලෙස භාවිතා කරනු ලබන පොස්පරස් සඳහා එප්පාවල පොස්පේට් භාවිත කළ හැකි බව කාබනික පොහොර නිෂ්පාදකයන්ව දැනුවත් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට මෙහිදි අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුණි.
මේ වනවිට මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගබඩාවන් තුළ පවතින බවත්, ලක්පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් සතු ගබඩාවන්හි පවතින ගැටලු වහා විසඳිම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

