කාන්තා සුදු ඇදුම් සමඟ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
තිහාරියේ සිට වෑන් රථයකින් ප්රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අනුරාධපුර මූලස්ථාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකි.
ඔවුන් ගමන් කළ වෑන් රථයේ පොහොර උරයක තිබි මෙම කාන්තා සුදු ඇඳුම් සොයාගෙන ඇත.
සැකකරුවන් අද (02) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අනුරාධපුර - තිසර සමල්

popular news
-
Kumar Friday, 03 May 2019 07:07 AM
දැන් කාන්තා සුදු ඇඳුම් ප්රවාහනය කිරීම තහනම්ද? මේ තහනම මුස්ලිම් බක්තියන්ට පමණද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

