කාන්තා වැසිකිළියේ කැමරා සිවිකළ දොස්තරට නඩු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක සී.සී.ටී.වී කැමරාවක් සවි කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලීසිය අද (8දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු පැවරීය.
කටුබැද්ද ,රෝලි ප්‍රනාන්දු මාවතේ පදිංචිකරුවෙකුට එරෙහිව මෙසේ නඩු පැවරුණි. සැකකරුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය තරම් කරුණු ඇති බවට නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනු කර නඩු පැවරීය.
සැකකරු විසින් එම වැසිකිළියේ සවි කර තිබියදී පොලිස් බාරයට ගෙන තිබූ සී.සී.ටී වී කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි අධිකරණය විසින් මීට පෙර අනුරාධපුර මුලස්ථාන පොලීසියට නියෝග කර තිබුණි.
එකී නියෝගයට අනුව අදාළ වාර්තාද මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

