කාන්තාවන් තිදෙනෙක් රු. ලක්ෂ 15ක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 15 ආසන්න වටිනා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක් ඇතුළු කාන්තාවන් තිදෙනෙක් අද 13 මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
එම සැකකාරියන් සමඟ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 90 ,මාව කිලෝ 4 සහ කේරළ ගංජා කුඩා පැකට් 29 පොලිසිය භාරයට ගෙන ඇත.
මාළිගාවත්ත ප්‍රදීපා මාවතේදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 80 සමඟ අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරියන් දෙදෙනාගෙන් සිදුකළ සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන සැකකාරිය වන "මාලිගාවත්තේ සීලවතී මත්කුඩු ගංජා සහ මාව සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩීජේ නන්දන සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

