කාන්තාවක ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිගේ සම්බන්ධීකරණ නිලධාරිණියක් අත්අඩංගුවට
මතුගම ප්‍රදේශයේ පසුගිය 15 වෙනි දින වෙඩි තබා ඝාතනය කල තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් එම ඝාතනය සැලසුම් කලා යැයි සැකපිට කාන්තාවක් පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව මතුගම ප්‍රදේශයේ අපරාධ කල්ලි නායකයෙකු වන මතුගම ශාන් අරෝස් නැමැත්තාගේ බිරිඳ බවද පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම මෙම කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන්ද කටයුතු කරන බවටද පොලීසියට තොරතුරු ලැබී ඇතැයිද ඒ සම්බන්ධවද පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද සඳහන්.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුශයා විසින් පසුගිය 09 වැනි දින මතුගම පිහිටි අදාල සැකකාරියගේ මූල්‍ය ආයතනය වෙත පැමිණ කඩු සහ පොලුවලින් අලාභ හානි සිදුකර ඇති අතර එම පහරදීමට පළිගැනීමක් ලෙස අදාල පුරුශයා ඝාතනය කිරීමට පැමිණ ඇති බවත් එය ව්‍යර්ථ වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඝාතනය කරන්නට ඇති බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මතුගම පොලීසියට භාර දී ඇත
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) රොහාන් පේමරත්න ,කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි , ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ, පොලිස් පරීක්ෂක සුජිත් , උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ , සැරයන්වරුන් වන සහ රත්නායක (39104) සහ ගුණවර්ධන (48714), කාන්තා කොස්තාපල්වරියන් වන ශාරිතා (11443), දිව්‍යාංජලී (11282) වැටලීමට එක්වූහ.
පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
චමින්ද Friday, 25 February 2022 01:05 AM
රාජ්‍ය ඇමති කෙනෙකුගේ සම්බන්ධීකරණ නිළධාරිනියක් නම් කියන්න වෙන්නෙ පොහොට්ටු ගහේ හැම තැනකම කටු කියලයි (උත්තරය නිදොස් කොට නිදහස්)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

