කාදිනල් හිමියන්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න - ඇමති අමීර්
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අමීර් අලී පවසයි.
ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ඡ ක්රියාවේ පිටුපස රටතුළ විශාල ජාතිවාදී කොලාහල සිදුවීමේ වාතාවරණයක් තිබුණි . එවැනි අර්බුදකාරී තත්ත්වයෙන් තම ජනයාගේ ජිවිත අහිමිවීම් දරාගෙන සාමය රැකීමට දිගින් දිගටම තම ජනයාට කරන ලද ඉල්ලීම නිසා මෙම රටේ සිදුවීමට තිබු ජාතීවාදී කලබල නතරවුණි.
එවැනි අවස්ථාවක කතෝලික ජනතාව තම පාලනය යටතට රැගෙන සාමයෙන් හා සමාදානය ඇති කරලීමට කැපවූ කිදිනල් හිමියන්ට මුළුමහත් මුස්ලිම් සමාජය පමණක් නොව මුළුරටම ගෞරව කිරීමට බැදී ඇත.”
මඩකලපුව ජවුෆර් ඛාන්
popular news
-
ranjith Sunday, 05 May 2019 02:03 PM
කාටවත් නොබෙල් තියග දෙන්න නෙවෙඉ ඔහෙලා කව්ද කියන එක ජනතාවට හරියට දෙන ගන්න සලස්වන්න මේ අපරාද කාරයෝ කොටු කරලා දීල රට සන්සුන් කරන්න දායක වෙන්න
Reply : 0 0
Deepal Nirosh Sunday, 05 May 2019 02:41 PM
අනේ අප හිතවත්අති උතුම් කාදිනල් තුමාණෙනි, මරාගෙන මැරෙන බෝම්බවලට වඩා ඔබ වහන්සේට පුදන්න හදන මේ අති භයානක බෝම්බයෙන් ප්‍රවේශම් වන්න. මේකත් අර ඔබ වහන්සේට දෙන්න හදපු වෙඩි නො වදින රථය දිහා වගේම බලන්න. අප සැමගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් ඔබ වහන්සේට දිඝාසිරි! ජේසු පිහිටයි! තෙරුවන් සරණයි!
Reply : 0 0
Champa Sunday, 05 May 2019 08:45 PM
කාදිනල්තුමාගේ මෙහෙවර ගැන විවාදයක් නැහැ. හැබැයි ඔය කතාවේ ලොකු අඩුවක් තියෙනව. කතෝලික ජනතාව ගැන විතරක් කියපු කතාව වැරදියි. ජාතිවාදී කලබල ඇති නොවෙන්න නිහඬ සේවයක් කලේ රටේ බහුතරය වන සිංහල බෞද්ධ ජනතාව සහ හාමුදුරුවරු.බෝම්බ වලින් මැරුණේ කතෝලිකයන් විතරක් කියන එකත් වැරදියි. කොච්චිකඩේ පල්ලියට යන සිංහල බෞද්ධයොත් ඉන්නවා. අනික ඔය බෝම්බ ප්‍රහාරය ඔතනින් විතරක් නවතින්න තිබ්බ එකක් නෙමෙයි. ඊළඟට පන්සල් ඉලක්ක කරන් හිටිය කියන එක දැන් රහසක් නෙමෙයි. මොකක් හරි හේතුවක් නිසා බෝම්බ 9ක් පිපිරිලා නැවතුන. නැවතුනා නෙමෙයි වහල් ආණ්ඩුව නැවැත්තුව. නමුත් පස්සේ තව මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ වෙන තැන්වල බෝම්බ පුපුරුව ගෙන මැරුණ. ඊළඟට වැදගත්ම කාරණේ ජාතිවාදී කලකොලාහලෙකට නොගිහින් විතරක් නෙමෙයි මේක උඩ ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කියලා බල කරන්නෙත් නැතුව රට තියෙනවාටත් වඩා අරාජික වෙන්න ඉඩ නොදී ආරක්ෂා කර ගත්තේ සිංහල බෞද්ධයන් සහ හාමුදුරුවරු. දැන දැනම මරපු මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කලේ කතෝලිකයෝ නෙමෙයි හාමුදුරුවරු සහ සිංහල බෞද්ධයන්. ඔබ දන්නේ නැතුවට පෘතුග්‍රීසීන් එන්න ඉස්සෙල්ල ලංකාවේ සියලු සිංහලයෝ බෞද්ධයන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

