ක්‍රීඩා කුසලතාව මත 250කට සරසවි වරම්
ක්‍රීඩා කුසලතාව මත සරසවි සඳහා ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (01දා) අනුමත කෙරෙන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘අද' පුවත්පතට පැවසීය.
මේ වනවිට ක්‍රීඩා කුසලතාව මත විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නේ සිසුන් 10 කට ආසන්න ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම මෙම කැබිනට් පත්‍රිකාව තමා හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව රුපියල් මිලියන 500ක වියදමින් ක්‍රීඩා පාසලක් ඉදිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙම වසරේදී ගන්නා බවත්, ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන්කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
හය වසර සමත් සිසුන් 50 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රීඩා කුසලතාව මත ක්‍රීඩා ගුරුවරු 3000 ක් පාසල්වලට බඳවාගැනීමට මේ වසරේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

