ක්‍රීඩා ඇමතිට විශේෂ ලිපියක්
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තුළ නීතිය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ක්‍රිකට් පරිපාලකයන් 7 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපයක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා වෙත යොමුකර තිබේ.
හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රියෙන්සි විජේතිලක, සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස, හේමක අමරසූරිය, අනා පුංචිහේවා, අර්ජුණ රණතුංග හා විජය මලලසේකර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පාලනය කාලය පිළිබඳව විවේචන ඉදිරිපත් කරමින් ඔවුන් මෙම ලිපිය යොමුකර තිබේ.
වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 40ක් පමණ තෝරාගෙන ඇති බවත් එක්දින හා විස්සයි20 නායකත්වයට වසරක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙක් පත්කර ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි. ජුනි 10 දා මෙම ලිපිය යොමුකර තිබේ.



-
Don Saturday, 30 June 2018 09:23 AM
When we have got Golden Cricketers who won World Cup why let politicians and so called administrators who have never played even POLPITHI - Bat Kaduru Ball are chosen to Run Sri Lanka Cricket ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

