කළාවැවේ පිටවාන ප්‍රථිසංස්කරණය කිරීමට වතුර අඩු කරන්න සූදානමක් නෑ
"ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මේ පණිවිඩය හරියට සමාජ ගත කරන්න.කළාවැවේ පිටවාන ප්‍රථිසංස්කරණය කිරීම සඳහා කිසිදු අයුරකින් වතුර අඩු කරන්න සූදානමක් නෑ , වතුර අඩුවෙන ප්‍රමාණය මත තමයි ප්‍රථිසංස්කරණ කටයුතු සිද්ධ වෙන්නේ" යැයි නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහ මහතා ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.
මහවැලි එච් කළාපයේ හෙක්ටයාර 25000 ක ගොවිබිම් ප්‍රමාණයකට ජලය සපයන කළාවැවේ වසර 42 කට අධික කාලයක් පැවති ජල කාන්දුවට වත්මන් රජයේ ඍජු තීන්දුවෙන් සහ රු. මිලියන 75 ක ආයෝජනයකින් ස්ථිරසාර තාක්ෂණික විසඳුම් ලබා දෙමින් කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මගෙහි (Ungated Spillway) බරපතළ ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 2026 ජුනි 16 දින නිල වශයෙන් සමාරම්භ කිරීම නිවාස හා ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහ , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ පෙරවරු 10.27 යෙදුණු සුභ මොහොතින් සිදු කෙරිණි.
වසර ගණනාවක් පුරා රජරට ගොවි ජනතාවගේ වටිනා වාරි ජලය ලීටර ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අපතේ යාමට ඉඩ හරිමින් පවත්වාගෙන ගිය අකර්මණ්‍ය ක්‍රමවේදය මුළුමනින්ම වෙනස් කරමින්, වත්මන් රජය විසින් බලයට පත්ව කෙටි කලක් ඇතුළත මෙම ජාතික අවශ්‍යතාවය හඳුනාගෙන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන කර ඇත.
ඒ අනුව, ලෝක බැංකු හා ශ්‍රී ලංකා රජයේ මූළ්‍ය ආයෝජන මත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සෘජු ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ (IWWRMP) මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය (MASL) විසින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. රැනික් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මෙම කොන්ත්‍රාත්තුවේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
වසර 42 කට පසුව කලාවැව ජලාශයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා වත්මන් රජය අපේක්ෂිත මුළු මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 75 කට අධිකය.
එහිදී අදහස් දැක්වු
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහ මහතා,
පහුගිය කාළයේ සමාජ මාධ්‍ය වල පොඩි කසු කුසුවක් ගියා කළාවැව වානේ ලීක් එකක් තියෙනවා කියලා, ලීක් එකක් තියෙනවා ඇත්තටම, දැන් කළාවැව කැඩී යාමට ආසන්නයි, මේක කැඩුනොත් මේ පළාතම යට වෙනවා, මේක කැඩුනොත් අක්කර දහස් ගණනකට වතුර නැති වෙනවා වගේ ප්‍රවෘත්තියක් පළ වුණා.මාධ්‍ය පළ වුණා ඒක දෙගුණ තෙගුණ වෙලා සමාජ මාධ්‍ය වල ඵල වුණා.මම ඒ නිවුස් එක ගියපු දාට පහුවදාම ආවා මේ ස්ථානයට, එතකොට මම ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය ඇමති, ඇවිත් මෙතන සාකච්ජා කළා මොකක්ද මේ තත්වය කියලා.එතකොට තමයි දැන ගත්තේ මේ ජල කාන්දුව දශක ගණනාවක් තියෙන එකක්, ඒ සම්බන්ධ සටහන් අවුරුදු 42 කට එහා ඉඳන් තියෙනවා.ඒ තරම් ඉතිහාසයක් තියෙනවා.
කළුගල සහ කොන්ක්‍රීට් එකට එකතු වෙන තැන ලීක් එකක් විදිහට මේක තියෙන්නේ, අපිට පේන්නේ එක තැනකින් වතුර ලීක් වෙනවා කියලා.මේ වන විට තත්පරයට ලීටර 02 ක් එනවා, තත්පර 10 ට ලීටර 20 ක් එක තැනකින්, මීටර 180 ක් දිග වානේ තැන් තැන් වල මීටර 80 ක් 90 ක් දිගට තෙත තියනවා , කාන්දු වෙනවා.
මේ ප්රශ්නය හදුනාගෙන මේක ප්‍රථිසංස්කරණය කරන්න අවශ්‍යය තාක්ෂණික දැනුම අරගෙන මේක කොන්ත්‍රාත්තුවක් විදිහට පිරිනමලා මිලියන 75 කින් මේක ප්‍රථිසංස්කරණය කරන්න තීරණය කරලා තියෙනවා.
අපි සමාජ මාධ්‍ය වල තමයි දැම්මේ අද මේ වැඩකටයුත්ත වෙනවා කියලා, නමුත් මේක සමාජ මාධ්‍ය වලින් අරගෙන ප්‍රධාන මාධ්‍ය වාර්ථා කරලා තිබ්බා, කළාවැවේ පිටවාන ප්‍රථිසංස්කරණය කරන වැඩේ අද සිද්ධ වෙනවා කියලා, පූර්ව ප්‍රචාරයක් ගිහින් තිබ්බා, ඒ නිසා අද මේ ප්‍රථිසංස්කරණය ආරම්භ වෙන එකට මාධ්‍ය ලොකු ආවරණයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ නිවුස් එකත් එක්ක මේ කළාවැවේ ජලය පාවිච්චි කරන ගොවියෝ අතර යම් අවිනිශ්චිතතාවක් එන්න පුලුවන් යල කන්නය වැඩ කරලා යල කන්නයට වතුර නිකුත් කරලා තියෙන්නේ.මේ ප්‍රථිසංස්කරණය සඳහා වතුර අඩු කරනවාද කියන සැකය එනවා, ඒ සැකයට තටු එනවා, ඊට පස්සේ යන කථාව තමයි කළාවැවේ වාන ප්‍රථිසංස්කරණය කරන්න වතුර අඩු කරනවා කියලා.නමුත් වතුර අඩු කරන්න කිසිම සැකයක් නෑ, මම ජනමාධ්‍යවලින් ඉල්ලා සිටිනවා ඒ පණිවිඩය හරියට සමාජ ගත කරන්න.කළාවැවේ පිටවාන ප්‍රථිසංස්කරණය කිරීම සඳහා කිසිදු අයුරකින් වතුර අඩු කරන්න සූදානමක් නෑ , වතුර අඩුවෙන ප්‍රමාණය මත තමයි ප්‍රථිසංස්කරණ කටයුතු සිද්ධ වෙන්නේ.
ඊළග එක තමයි අපි දන්නවානේ මේ ජලාශ පද්ධතියකළාවැව කියන්නේ ජීවක් තියෙන පද්ධතියක්,ඒ පද්ධතියේ දැන් ලෙඩක්, දෝශයක්, මේකට ප්‍රථිකාර කරන්න ඕන ජීවයට හානියක් නොවන .ඒක තමයි මෙතන තියෙන විද්‍යාව. ඒ සඳහා උපරිම තාක්ෂණය , තාක්ෂණික ඥාණයක් හා හැකියායක් තියෙන ආයතනයක් තමයි තෝරා ගෙන තියෙන්නේ මේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට.
මේ වාන කඩලා ප්‍රථිසංස්කරණය කරන්නේ නෑ, රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මේ තිබෙන කාන්දුව, ප්‍රථිසංස්කරණය කරන්නේ.රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා කියපු ගමන් ඊළඟට එන ප්රශ්නය තමයි
මේවා ජලයට මුහු වෙනවා , කළාවැවෙන් වතුර බොන්න ගන්නවා. කළාවැවෙන් ජලය එළියට යන ඇළ මාර්ග වලින් වතුර ජන අවශ්‍යතා සඳහා පාවිච්ච් කරනවා.ඒ නිසා මේවා ජලයට මුහු විමෙන් ප්‍රශ්නයක් එයිද කියලා, නමුත් ඉංජිනේරුවන් හා තාක්ෂණික විශේෂඥයන් තහවුරු කරනවා මේ පාවිච්ච් කරන රසායන ද්‍රව්‍ය ජලයට මුසු වෙන්නේ නෑ, ජලයේ දියවෙන්නේ නෑ,ඒ නිසා පානීය ජල ගැටලු හෝ වෙනත් අවශ්‍යතා සඳහා ජලය පාවිච්චි කරන අයට ගැටලුවක් වෙන්නේ නෑ කියලා.
ව්ශේෂයෙන්ම කෘෂිකර්මාන්තය කිසිදු හානියක් වෙන්නේ නෑ කියනවා.මං මේ ටික කිව්වේ මේවාට තටු එන්න පුලුවන් හින්දා,ගොවියෝ අතර ගිහින් කසු කුසුවක් එන්න පුලුවන් ගොවිජනතාව මේවායෙන් කලබල වෙන්න පුලුවන්, ඒ නිසා මේ ජල මට්ටම අඩු වෙනවා එක්කම, දැන් තියෙන කාන්දුව තත්පරයට ජලය ලීටර 02 ක් පිට වෙනවා ප්‍රධාන කාන්දුවෙන් කියලා, ජල මට්ටම වැඩි වෙන කොට ඒක වැඩියි, ජල මට්ටම අඩු වෙන කොට ලීක් එක අඩුයි.මම අවුරුද්දකට කලින් බලන වෙලාවේ මෙච්චර ලීක් එකක් තිබ්බේ නෑ, නමුත් දැන් ජල ධාරිතාවය වැඩියි.ඒ නිසා මේක දකින අය හිතනවා කාන්දුව වැඩි වෙන කොට දැන් අවධානම වැඩියි, දැන් පුපුරන්න යනවා, දැන් කැඩෙනවා වගේ එකක් අපිත් නොදන්න අප්රකාශත කථා බහ යනවා සමාජයේ, ඒ නිසා මේ හැම එකටම උත්තරයක් දෙන්න ඕන.අවධානමකුත් නෑ, මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඉහළම තාක්ෂණයෙන් ඒවා ජලයට මුහු වෙන්නෙත් නෑ, ඒ වගේම තමයි කෘෂිකර්මාන්තය හෝ කිසිම කර්මාන්තයක
හානියක් වෙන්නෙත් නෑ, ජල මට්ටම අඩු වෙන්නෙත් නෑ.අපි බලාපොරොත්තු වෙනවා මේක ඉතා සංකීරණ තාක්ෂණික කටයුත්තක් හින්දා මේ තියෙනවාට වැඩිය මෙහි දෝෂයක් තියෙනවාද කියන එක ජල මට්ටම් අඩු වෙලා වැඩේ කරගෙන යන කොට තමයි තේරෙන්නේ මේ තියෙනවාට වැඩිය සරල නෑ සංකීරණයි කියලා, අපි බලාපොරොත්තු වෙනවා, අපි ප්‍රාර්ථනා කරනවා අපේ කළාවැවේ එහෙම ලොකු ගැටලුවක් නැතිව ඇති කියලා, එසේ ගැටලුවක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.ඒක සුළු මට්ටමේ දෙයක් ඒක අපි ඉක්මනට ප්‍රථිසංස්කරණය කරලා කළාවැවට කිසිදු හානියක් නොවෙන්න, ගොවිජනතාවට , කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නොවී මේ ප්රශ්නය හොඳින් විසඳාගන්න හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ තරම් කළාවැව අපි දන්නවා අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙන්නේ.ඒ නිසා තමයි මේ ප්‍රථිසංස්කරණය නිවුස් වල ගන්නේ.ඒ නිසාම තමයි කළාවැවේ ලීක් එකක් තියෙනවා කියන එක සමාජ මාධ්‍ය වල ගිණි අරගෙන පැතිරෙන්නේ,ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් කථා පැතිරෙන්න තියෙන ඉඩ කඩ වැඩි.ඒ නිසා අද මේ වැඩකටයුත්ත රුපියල් මිලියන 75 ක වියදමින් සිද්ධ වෙනවා, ඒ සඳහා වියදම් කරන්න ගැටලුවක් නෑ, මේ වගේ දේවල් වලට වියදම් කරන්න ඕන, මේ වැඩකටයුත්ත සාර්ථක කර ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්,මේ සම්බන්ධයෙන් ඇත්ත අදහස ගොවියන්ට දරනුම් දෙන්න, ගොවියෝ අතර ප්‍රචලිත කරන්න, මේ සම්බන්ධයෙන් ගොවියන්ගෙන් ආශිර්වාද, සුභාශිංසන, හැර වෙනත් කිසිදු සැකයක්, කසුකුසුවක් ඇති නොවෙන්න මේක සමාජ ගත කරන්න යැයි පැවසීය.
මහවැලි අධ්යක්ෂ ජනරාල්තුමන් එච්.එම්.ජේ.කේ. හේරත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ කළාවැව ලෝක උරුමයක් බවට පත් කරන බවයි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතාද මෙහිදී අදහස් දැක්වීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

