කොළඹ රථවාහන වේගය 5 kmph දක්වා අඩුවීමේ අවධානමක්
කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය නිසා මේ වනවිට වාහන ධාවන වේගය පැයට කිලෝ මීටර් 7-8 දක්වා පහළ ගොස් තිබේ.
එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන හා මාර්ගවල ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගියද මාර්ග පුළුල්වීම සිදුවී ඇත්තේ සියයට තුනකිනි.
මෙම තත්ත්වය නිසා ඉදිරි වසර කිහිපය තුළ කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව රථවාහන වේගය පැයට කිලෝමීටර් 05 දක්වා අවම වෙතැයි ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂඥයින්ගේ මතය වී ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
කෙසේ වුවද ඉදිරි කාලය තුළ ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදු කිරීම යළිත් ඇරඹීටත්, එමගින් බවුසර් නිසා ඇතිවන තදබදය අවම කිරීම හා කන්ටේනර් වෙනුවට දුම්රිය උපයෝගි කරගෙන භාණ්ඩ ප්රවාහයටනත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
Gamarala Wednesday, 29 January 2020 06:17 AM
ට්‍රැපික් සර්වෙී එක කලේ කවුද? එීක බොරැ ඉලක්කමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

