කොළඹ ප්රදේශ කිහිපයකට අද (27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද රාත්රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ 13, 14 සහ 15 යන ප්රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
