කොළඹ නගර සභා මන්ත්‍රී වැටුප් රු 25000කින් වැඩි කිරිමට සැරසෙයි
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 25,000කින් වැඩිකිරීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 24 වැනිදා පැවැත්වෙන මහා සභා රැස්වීමේදී පරාජය කිරීමට සියලු උත්සාහයන් ගන්නා බව එම නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හේමන්ත වීරකෝන් මහතා පැවසීය.
මෙම යෝජනාව මහා සභා රැස්වීමේදී සම්මත වුවහොත් පළාත් සභාවට යොමුකර අනුමැතිය ලබාගැනීමට සිදුවන බවත්, එම ක්‍රියාවලිය සිදුවන අතරවාරයේදී යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මෙම යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු කීය.
යම් හෙයකින් මෙම යෝජනාව සම්මත වුවහොත්මන්ත්රී දීමනා සඳහා නගර සභාවට එකතුවන මහජන බදු මුදලින් අමතර රුපියල් ලක්ෂ 1,428ක් වැයකිරීමට සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
වාර්ෂිකව රුපියල් මිලියන 16,000ක ආදායමක් උපයන කොළඹ මහ නගර සභාවට මහජනතාව වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකිරීමට තිබෙන බවත්,වැසිකිළි කැසිකිළි ප්‍රශ්න,මළ නාළිකා ප්‍රශ්න බොහෝ විසඳීමට තිබෙන බවත් වීරකෝන් මහතා පැවසීය.
එවැනි වටපිටාවක නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවසේ වැසිකිළි අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 57ක් වැය කළ බවත්,ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව ජනතාවගේ විරෝධය පළවී තිබෙන බවත් පැවසූ හේමන්ත වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනා පරාජය කිරීමට සැබෑ මහජන නියෝජිතයන් කවුරුන්ද කියා ලබන 24 වැනිදා පැවැත්වෙන මහා සභාවේදී දැක බලාගැනීමට හැකි බවයි.

popular news
- 
                            
Raawana Friday, 17 August 2018 05:52 PM
අන්න නියම ජනතා සේවිකාවක්..එයාලට තව වැසිකිලි ටිකකුත් හදල දුන්නොත් නරකද?
Reply : 0 0
rocky Friday, 17 August 2018 06:11 PM
ලැබෙන ගතමනාව මදි නම් ඔච්චර මහන්සිවෙලා වියදම් කරගන ඉලෙක්ෂන් එකට තරඟ කෙරුවේ මොකටද? දැන් කොහොම හරි ඇතුලට රිංගා ගත්තට පස්සේ ජනතාවගේ රීරි මාන්සේ උරා බොන්න හදනවාද? ඔය ගොල්ලන්ට ගතමනාව මදි නම් පින් අයිති වේවි, අපට පවු නොදී කරුණා කරලා පිට වෙලා යන්න. ලොකු නෝනා ගැනත් අපට දැන් කිසිම විස්වාසයක් නැහැ! විලි ලජ්ජා නැති පරපෝෂිතයන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ!
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                