කළණට වින කළ අය අත්අඩංගුවට
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ අලියා හිංසාවට පත්කිරීමට අදාළව එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා පොලීසිය විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඊයේ (27දා) පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. සැකකරුවන් පොලීසියට භාරවීමෙන් අනතුරුව ගන්දර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබිය.
කළණ ඇතා වසර තුනක පමණ කාලයක් එකම තැන ගැට ගසා තිබුනි අතර ඔහුගේ පාදය තුවාල වී දම්වැලට ඉහළින් මස් දළු පැමිණ තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අවශ්‍යතාවක් ඇත්නම් කළණව අමාත්‍යාංශයේ භාරයට ගෙන ප්‍රතිකාර කරන බවයි.
අධිකරණයට ඉදිරිපත් කළ ලේකම්වරයා සහ ඇත්ගොව්වා රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (28දා) නියෝග කළාය.

popular news
-
NIRUPA Tuesday, 28 August 2018 04:21 PM
තැනක් යෞ ..මේ කරපු හොඳ වැඩයට ගොඩක් පින්
Reply : 0 0
Champa Tuesday, 28 August 2018 04:24 PM
හනේ දෙයියොනේ. බලන්නත් බැහැ මට මේක. තමන් ගාව ඉන්න අලියටවත් කරුණාව දක්වන්න බැරිද? සත්තුන්ටත් සලකන්න ඕනේ තමන්ගේ දරුවන්ට වගේම ආදරෙන්. පාලිතට ස්තුතියි මේ ගැන ඉක්මන් පියවරක් ගත්තට. වහාම මේ අලියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. ඒ වගේම තව මේ වගේ කෲරකම් වලට භාජනය කරපු අලි ඇත්තු ඉන්නවද කියලා බලන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

